Loading...

මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ වර්ජනයක්

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹ ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 08ක ගොඩනැගිල්ල අක්‍රිය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින්.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයේ නිරත 40%කට ආසන්න කාන්තාවන් ඉන් අපහසුතාවයට ඇති බවයි.

ඒ අතර ගැබිණි මව්වරුන් ද සිටින බවද එම වෘත්තීය සමිති පේනවා දෙනවා.

විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගත වුවත් එය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් තැපැල් මළු ගොඩනැගිල්ල තුළ එහා මෙහා ගෙන යාමට සේවකයින් දැඩි පරිශ්‍රමයක් දැරීමට ද සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් රජය එය නැවත සකස් කිරීමට මාස 3ක් ඉල්ලා ඇති බව එම වෘත්තීය පවසනවා.

ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මාසයක් ඇතුළත එය නැවත සකස් කිරීමට අපොහොසත් වුවහොත් අඛණ්ඩව වැඩ වර්ජනයකට එළඹෙන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *