Loading...

ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

නවදීල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී මෙම හමුව ඊයේ (18) රාත්‍රියේ දී සිදුව ඇති බව සඳහන්.

“AI Impact Summit 2026” සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අවස්ථාවේ දී ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර මෙම හමුවට සිදුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනාධිපතිවරයා සහභාගී වූ බවයි.

මේ අතර “AI Impact Summit 2026” සමුළුව සහභාගී වීමට ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) එම සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *