Loading...

06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල්වල 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව දෙසැම්බර් 5 දිනෙන් පසු අක්‍රීය වන බවත් පවතින ආපදා තත්ත්වය හමුවේ එම දිනය දෙසැම්බර් 12 වනදා දක්වා සංශෝධනය කර ඇති බවත්ය.

මේ අතර 2025 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීම දැනට ආරම්භ කර නොමැති බවද එම අමාත්‍යාංශය සඳහන්.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධව් සමාජ මාධ්‍ය සංසරණය වන පණිවුඩය අසත්‍ය ප්‍රචාර බවයි.

2026 වසරේ 6 ශ්‍රේණිය සඳහා පළමු වටයෙන් පාසල් සඳහා තේරී පත්වූ සිසුන් 2026 වසරේ ජනවාරි මස පාසල්වලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පවතින පුරප්පාඩු සඳහා මාර්ගගතව අභියාචනා අයදුම්පත්‍ර කැඳවීම් සිදු කරන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *