Loading...

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියන්ට සිදුවන අපහාස වැළැක්වීමට නව ස්ථාවර නියෝගයක්?

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන්ට වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කරන ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වළක්වාලීම පිණිස පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය නිවේදනය කරන්නේ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි.

විශේෂයෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඉලක්ක කර වාචික හිංසනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් මෑත කාලයේ නිරීක්ෂණය වී ඇති හෙයින් මෙම ප්‍රකාශවල පවතින අභියෝගය හුදෙක් පුද්ගලයන් ඉලක්ක කරගත් එකක් නොවන බව එහි සඳහන් වනවා.

කාන්තාවන්ට දේශපාලනය තුළ තම අදහස් ප්‍රකාශ කිරීමට සහ සක්‍රීයව සහභාගී වීමට ඇති අයිතියට එරෙහි අභියෝගයක් ලෙස අදාළ සිද්ධිය සැලකිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසනවා.

මෙවැනි ක්‍රියාකාරකම් සමාජය තුළ දේශපාලනයේ කාන්තාවන්ගේ සහභාගීත්වයට ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකි බවද එම සංසදය අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට වාචික හිංසනයක් හෝ අපහාසයක් සිදුවන ලෙස කිසිදු පාර්ශවයකින් හැසිරීම් හෝ ප්‍රකාශ සිදු නොවිය යුතු බවට සංසදය යෝජනා කරනවා.

මෙවැනි සිද්ධීන් පාලනය කිරීම සඳහා “පාර්ලිමේන්තුව තුළ විනය” යටතේ පවතින ස්ථාවර නියෝග හරහා ක්‍රියාමාර්ග ගත හැකි බවද එහි සඳහන් වනවා.

මේ සඳහා නව ස්ථාවර නියෝගයක් ඇතුළත් කරමින් පවතින ස්ථාවර නියෝග සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *