අමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරී පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සුදානමින් සිටින වත්මන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්වුණා.
අමෙරිකන් දේශපාලන සම්ප්‍රදායට අනුව නව ජනාධිපතිවරයාට ඉඩ දී ධුරය අවසන් කරන ජනාධිපතිවරයාගේ සමුගැනීම සනිටුහන් කිරීම සිදු කරනු ලබනවා.
ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට ඇරයුම් කළේ ඒ අනුවයි.
කෙසේ වෙතත් මැතිවරණ රැලිවලදී එකිනෙකාට අපහාස කරගත් චෝදනා කරගත් සහ පරිභව කරගත් ප්‍රතිවාදීන් වූ බයිඩන් සහ ට්‍රම්ප් ධවල මන්දිරයේ සුහදව සිනාවෙමින් අතට අත ලබාදීම සිදු කළ අතර ඇතැම් අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ එය හුදෙක් කැමරාවට පෙනෙන ලෙස කළ බොරු රඟපෑමක් බවයි.
සාමකාමී බල හුවමාරුවක් සිදුවන ආකාරය පිළිබඳව බයිඩන් සහ ට්‍රම්ප් සාකච්ඡා කර ඇති අතර සාමකාමීව එම කටයුතු අවශ්‍ය පරිදි කර දෙන බව බයිඩන් ට්‍රම්ප්ට පැහැදිලි කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් බයිඩන්ට ස්තුති පළකර ඇති බවයි වාර්තා වන්නේ.







Leave a Reply