Loading...

අමෙරිකානු ජනාධිපති සහ ප්‍රංශ ජනාධිපති අතර හමුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී මෙම සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.

මෙහිදී රුසියානු යුක්‍රේන යුද්ධය විසඳීමේ ක්‍රියාවලිය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

යුද්ධය විසඳීම යනු යුක්‍රේනය රුසියාවට යටත් වීමක් නොවිය යුතු බවද ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව සඳහන්.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වා ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *