අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 2 වනදා හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්ති අද වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.
මෙම තත්ත්වය සමඟ ලොව පුරා කොටස් වෙළෙඳපොල ගණනාවක් දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති අතර ආසියාකරයේ කොටස් වෙළෙඳපොල ගණනාවක් ද එහි දැඩි බලපෑමට භාජනය වී තිබෙනවා.
මේ වාතාවරණය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණයේ ගොදුරක් බවට පත්ව ඇත්තේ එකී තීරණය ප්‍රකාශයට පත්වීම සමඟ අඛණ්ඩව ගණුදෙනු දින 3ක් පුරාවට දැවැන්ත පරිහානියක් විඳ දරා ගැනීමට සිදුවුණා.
පසුගිය අප්‍රේල් මස 2 වනදා ගණුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,007.44ක් ලෙසින් සටහන්ව තිබුණා.
ඊයේ (07) දිනයේ ගණුදෙනු සමාප්තිය වන විට ඒකක 14,660.45ක් දක්වා දැවැන්ත පහළයාමක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මෙම ගණුදෙනු දින 3 තුළදී පමණක් ඒකක 1346.99කින් නැතහොත් 8.41%කින් කොළඹ කොටස් වෙළෙඳපොල කඩා වැටී ඇති බව සඳහන්.
මේ අතර අප්‍රේල් 2 වනදා වනවිට රුපියල් බිලියන 5688.56ක් ලෙසින් වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොල ඊයේ (07) දිනය විට වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණ වටිනාකම බිලියන බිලියන 5253.18ක් දක්වා පහළ බැස ඇත්තේ මෙම දින 3ක් තුළදී පමණක් රුපියල් බිලියන 435.37ක් එනම් රුපියල් කෝටි 43537ක් කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටී තිබෙනවා.
මෙහිදී ඊයේ දිනය තුළ දී පමණක් කොටස් වෙළෙඳපොළට අහිමිව ඇති වටිනාකම රු. බිලියන 227කි.








Leave a Reply