Loading...

වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන්ම බය වුණු අයයි – ජනපති

වත්මනයේ ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන්ම කෑගහන්නේ වැඩිපුර බය වී සිටින අය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ පළමු රැලිය බෙලිඅත්තේ ඊයේ (29) අමතමින්.

ආන්දෝලනයට තුඩු දුන් නඩු විශාල ප්‍රමාණයක් මැයි මසදී පැවරෙනු ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.

ජනාධිපතිවරයා මෙම ජනහමුවේ දී පෙන්වා දුන්නේ මෙය කලබලයට කරන වැඩක් නොවන බව කී ජනාධිපතිවරයා ඉතා ශක්තිමත් ලෙස නඩු ගොනුකර නඩුව විභාග කිරීමෙන් පසුව වැරදිකරුවන් හිරේ දමන බවයි.

අද වන විට හිටපු ඇමතිලා තුනක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඇති බවත් ජනාධිපතිවරයා තව ටිකක් කල් ගතවෙන විට ඔවුන්ට පාර්ලිමේන්තුව එහේ රැස්වෙන්න පුළුවන් හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

”වැඩියෙන් කෑගහන්නේ කවුද වැඩියෙන් බයවුණු කෙනා හොදේ. සමහර අය හොරාට ඉස්සර කෙහෙල්කන වැට පැනල. මාව ගන්න යන්නේ කියනවා. හොරාට ඉස්සර කෙහෙල්කන වැට පැනල. මතක තියාගන්න මේක අපි කඩිමුඩියේ කලබලයට කරන වැඩක් නෙවෙයි. ඉතාම හොඳට පරීක්ෂණ කටයුතු නිලධාරී මහත්වරුන් මෙහෙයවනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩක් නිලධාරීන් ඒ සඳහා සහය දෙනවා. ඉතාම ශක්තිමත් නඩුවක් අධිකරණයේ ගොණු කරනවා.

දැන් මේ දවස්වල ඇමතිවරු තුනයි පොලිස්පතියි රිමාන්ඩ් කරලා. තව ටික දවසක් යද්දී පාර්ලිමේන්තුව එහෙ රැස්වෙන්න පුළුවන් වෙයි. ඇතුළට ගිහිල්ලා බලපුවහම අපට පේනවා මේ මහජනයාගේ මුදල් කොච්චර නාස්ති කරලද,කොච්චර හොරකම් කරලද,කොච්චර විනාශ කරලද. ආයේ එතන ගන්න දෙයක් නැහැ. ඔහේ පවතින ඇරලා. නඩත්තු නොකරන වාහන වගේ. ඒ වගේ රටක් මේක. ඒ නිසා ඒවා දකින්න දකින්න මේ අපරාධකාරයින්ට නිතිය ඉටුකරන්න ඕනේ කියන වුවමනාව තියෙන්නේ.

ඒ නිසා අපි ඒ වැඩෙත් හරියට කරනවා. ඒ වගේම ප්‍රාදේශීය සභාවල නැවත ඒ වගේ පාලනයක හැදෙන්න අපි ඉඩ දෙන්නේ නැතුව ඉතාමත් පිරිසිදු,මුදල් ටික හොඳින් පරිස්සම් කරන,ගමේ වැඩ කරන්න පුළුවන පාලනයක් අපි හදනවා. පේනවනේ දැන් කරන දේවල්.බය වෙන්න එපා හොඳේ. අපි මේ වංචනිකයින්ට,දුෂිතයින්ට එරෙහිව අපි හැප්පෙන්න ලෑස්තියි.ඒ ගොල්ලෝ කුමන කුමන්ත්‍රණ කළත් බිම්ගත වැඩසටහන්වල හිටියත් මේ වංචනිකයින්ට දුෂිතයින්ට දඬුවම් කරන එක නතර කරන්නේ නැහැ කියන එක මතක තියාගන්න.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *