Loading...

ළිඳ ලඟ සංගමය මෙන් තැන් තැන්වල කතා නොකියා මහින්දට නිවසින් ඉවත් වෙන්න නිල වශයෙන් දැනුම් දෙන්න

රජය විසින් නිල වශයෙන් දැනුම් දීමක් සිදු කරනවා නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත් වීමට සුදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම නිල නිවස මහින්ද රාජපක්ෂ මහතා වෙත යහපාලන ආණ්ඩුව විසින් නිල වශයෙන් ලබාදී ඇති බැවින් ඉන් ඉවත් වීමට අවශ්‍ය නම් නිල දැනුම් දීමක් සිදුකළ යුතු බවද මහලේකම්වරයා මෙහිදී කියා සිටියා.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ එලෙස දැනුම්දීමක් සිදුකරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතා සුළු මොහොතක් හෝ එහි රැඳී නොසිටින බවත් තැන තැන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් ඵලක් නොමැති බවත්ය.

ළිඳ ලඟ සංගමය මෙන් තැන් තැන්වල කතා කියමින් නොසිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබා දී ඇති නිල නිවසින් ඉවත්වන ලෙස නිල වශයෙන් පවසන ලෙසත් නිල වශයෙන් ඒ සම්බන්ධව ප්‍රකාශයක් කරන්නේ නම් එක් මොහොතක් හෝ විජයාරම නිල නිවසේ මහින්ද රාජපක්ෂ රැඳී නොසිටින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

“මම හිතන්නේ එතුමාට මේ දවස්වල තමන්ගේ වහල්ලු ටික උද්දාමයට පත් කරන්න වෙන කියන්න දෙයක් නැති නිසා මහින්ද රාජපක්ෂ මහත්තයගේ නිල නිවස ගැන තමයි එතුමාට කියන්න තියන එකම මාතෘකාව.

නමුත් ගරු ජනාධිපති තුමනි. ඔබතුමාට ඉතාම ගෞරවයෙන් කියන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට එම නිල නිවස භාර දුන්නේ ඔබතුමාත් පාර්ශව කාරයෙක් වෙච්ච යහපාලන රජය විසින්. එතුමාට නිල නිවස භාර දුන්නේ නිල වශයෙන්. එතුමා ඒක භාර ගත්තේ නිල වශයෙන්. නිල වශයෙන් පදිංචි වෙලා ඉන්න නිල නිවසක් ඔබතුමාලට අවශ්‍ය නම් නිල වශයෙන් දැනුම් දීමක් කරන්න. එතුමා එක මොහොතක්වත් ඒ ගෙදර රැඳිලා ඉන්නේ නෑ.

එතුමා වහාම ඒ නිවසින් පිට වෙලා යනවා. නමුත් ඔබතුමාලා මේ හෙදන්නේ ළිඳ ලඟ සංගමය වගේ තැන් තැන්වල කියෝ කියෝ ඉඳලා එතුමාව ලජ්ජාවට පත් කරලා එතුමාව එළියට දාන්න නම් ඒ වැරැද්ද ඔබතුමන්ලට කරන්න දෙන්නේ නෑ. ඊට පස්සේ එතුමාගේ ජීවිතයට එල්ටීටීඊ සංවිධානය හරහා හෝ ඩයස්පෝරාව හරහා කිසියම් තර්ජනයක් ඇති කරන්නක ඔබතුමන්ලා යම් කිසි කුමන්ත්‍රණයක යෙදෙනවා කියන කාරණය කියන එක තමයි අපි හිතන්නේ.

නිල වශයෙන් දැනුම් දීමක් කරන්න. එතුමා එක මොහොතක් ඊට පස්සේ ඒ ගෙදර ඉන්නේ නෑ. හැබැයි ඊට පස්සෙත් ආරක්ෂාව සැපයීමේ වගකීම නම් මේ රජයට තියනවා. ඒක ඔබතුමාට තියන වගකීමක් නොවෙයි. ශ්‍රී ලංකා රජයට තියන වගකීමක්.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *