Loading...

කැලිෆෝනියා කලාපයට ඇඳිරි නීතිය පනවයි

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ලැව්ගිනි හේතුවෙන් නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපල සොරකම් කිරීමේ සිද්ධි වාර්තා වීම සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.

පැතිර යන ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි 10000කට වැඩි ගණනක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.

මේ වන විට ලැව්ගිනි හේතුවෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වී තිබෙනවා.

ඉන් එක් ලක්ෂ අසු දහසකට වැඩි පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව් ගිනි තත්ත්වය පාලනය කිරීමට ජල හිඟය බාධා වූ අයුරු යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ලැව් ගිනි පාලනය කිරීම සඳහා එම ප්‍රදේශවල ජල සැපයුම ප්‍රමාණවත් නොවන බවයි.

ඇතැම් ප්‍රදේශවල ප්‍රමාණවත් පීඩනයකින් ජල සැපයුම නොමැති වීම ද ගින්න පාලනයට බාධාවක් වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙවැනි හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් වන ජල සැපයුම පද්ධතියක් ලොස් ඇන්ජලීස් හි ස්ථාපනය කර නොමැති බවට මේ වන විට හෙළිව ඇති බවද සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *