ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (24) සහ හෙට (25) සෞදි අරාබියේ ජෙඩා හිදී පැවැත්වෙනවා.
මෙය සැලකෙන්නේ IPL ක්‍රීඩක වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන අවස්ථාව ලෙසයි.
ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද (24) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
2025 IPL ක්‍රිකට් තරඟාවලිය ලබන මාර්තු මස 14 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කරන අවසන් ක්‍රීඩක ලැයිස්තුව IPL තරඟ සංවිධායකයන් පසුගියදා නිවේදනය කළා.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් 1574ක් ලියාපදිංචිව සිටි අතර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් 574 දෙනෙක් තෝරාගෙන තිබෙනවා.
ඉන් ක්‍රීඩකයින් 366 දෙනෙක් ඉන්දීය ක්‍රීඩකයින් වන අතර ඉතිරි 208 දෙන විදෙස් ක්‍රීඩකයින් වනවා.
කණ්ඩායම් 10ක් විසින් වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙක් මෙවර තරඟාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් තෝරා ගැනීමට නියමිතයි.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 29 දෙනෙක් ලියාපදිංචිව සිටිය ද ඉන් වෙන්දේසියට තෝරා ගෙන ඇත්තේ ක්‍රීඩකයින් 19 දෙනෙක් පමණි.








Leave a Reply