Loading...

IMF තුන්වන වාරිකය ගැන ගත් තීරණය

ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තෙවන සමාලෝචනය දිවයිනට පැමිණ සිටින IMF කණ්ඩායමේ සංචාරය නිමා වීමෙන් පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බව එම අරමුදලේ ප්‍රකාශිකා ජුලී කොසැක් පවසනවා.

ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

ප්‍රශ්ණය – නව ජනාධිපතිවරයාගේ පරිපාලනය විසින් IMF වැඩසටහන සම්බන්ධයෙන් සිදුකිරීමට අපේක්ෂා කරන වෙනස්කම් මොනවාද යන්න සහ ණය තිරසර කරන විශ්ලේෂණය සහ බැඳුම්කර හිමියන් සමග එකඟතාවන් උල්ලංඝනය නොවන ආකාරයෙන් වැඩසටහනේ ඇතැම් පරාමිතීන් වෙනස් කළ හැකිද යන්න මෙහිදී සොයා බැලෙනවාද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා – ජුලී කොසැක්

“2024 වසරේ ජුනි 12 වැනිදා IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය මේ වසරට අදාළ ‘ආටිකල් ෆෝ’ උපදේශනය සහ ශ්‍රී ලංකාව සමග පවතින විස්තීරණ ණය වැඩසටහනේ දෙවැනි ඇගයීම සමාප්ත කළා. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහායවීම සඳහා ඩොලර් මිලියන 336ක මුදලකට වහා ප්‍රවේශය ලබාදුන්නා. අපේ වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත්. ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ප්‍රතිඵල පෙන්නුම් කරනවා. ආර්ථික වර්ධනය යළි පණගැන්වීම, උද්ධමනය පහත හෙළීම, විදේශ සංචිත ශක්තිමත් කිරීම සහ ආදායම් එක්රැස්කිරීම වැඩිදියුණු කිරීම ඊට අයත්. නමුත් අප මීට පෙර පැවසූ ආකාරයෙන් වැදගත් අංශවල අවදානම් සහ අවිනිශ්චිතතාවන් තවදුරටත් පවතිනවා. මේ නිසා ප්‍රතිසංස්කරණ තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම තීරණාත්මකයි. මේ අවස්ථාව් අපේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ප්‍රමුඛ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනවා. ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ නව ආර්ථික කණ්ඩායම ද මුණගැසෙනවා. විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීම සඳහා දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත්කෙරෙනවා. මෙම දූත කණ්ඩායම ඔවුන්ගේ සංචාරය අවසන් කළ විට එය සන්නිවේදනය කරාවි.”

මේ අතර ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවැනි දිනටත් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

IMF වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරවාරයේ ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කරන විකල්ප මාර්ග සම්බන්ධයෙන් මෙම දෙවන සාකච්ඡාවේ දී අවධානය යොමුව ඇති බව සඳහන්.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මේ සඳහා අවශ්‍ය යහපත් හා සුහදශීලි වටපිටාවක් දෙපාර්ශවය අතර මෙම සාකච්ඡාවලදී මනාව ගොඩනැගුණු බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *