ආසියානු කුසලාන පාපන්දු ශුරතාව තරඟාවලියේ තෙවන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබාගත් ශ්රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්රියේ දිවයිනට පැමිණ තිබෙනවා.
මෙහිදී ඔවුන් පිළිගැනීම සඳහා පාපන්දු ක්රීඩකයින් සහ පාපන්දු ලෝලීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.
ශ්රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම පසුගිය 05 දින කාම්බෝජය සමඟ කොළඹ දී පැවැති තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එහි තවත් තරඟයක් කාම්බෝජයේ නොන්පෙන් නුවරදී පසුගිය 10 දින පැවැත්වුණා.
එහිදී දෙරටම 2-2ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඬුවම් පහර ශ්රී ලංකා කණ්ඩායම 4-2ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමඟ මෙම ජයග්රහණය හිමිකර ගැනීමට සමත් වුණා.








Leave a Reply