එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවන ටෙස්ට් තරඟයක සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කඩුලු 8කින් ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා.
ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරඟයේ සිව්වන දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් ලබාගෙන සිටියා.
ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය හඹා යාමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් ලබා ගනිමින් සුපිරි ඉනිමක් දියත් කළා.
11 වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක සිය 2 වන ටෙස්ට් ශතකය අද (09) වාර්තා කිරීමට සමත් වුණා.
ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් ලබාගත් අතර ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සබඳතාවක් ගොඩනැගුවා.
කෙසේ වෙතත් තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලිය 2 – 1ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
2014 වසරට පසුව ශ්‍රී ලංකා එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙස මෙම තරඟ ජයග්‍රහණය වාර්තා පොත් අතරට එක්වෙනවා.
මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා එංගලන්ත කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 263ක් රැස්කළා.
ලකුණු 62ක් ඉදිරියකින් එංගලන්ත කණ්ඩායමේ දෙවන ඉනිම ඇරඹු අතර ඔවුන් එහිදී සියලු දෙනා දැවී ලකුණු 156ක් පමණි.








Leave a Reply