Loading...

රාජිත සිරිකොත මාධ්‍ය හමුවේදී යක්ෂා වේශයෙන් අමතයි

පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඡන්ද සමයන්හි නැවත වරක් “ඇරලා යන්න” කටුනායක පැත්තට නොඑන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත හිදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී ඒ මහතා තර්ජනාත්මක ස්වරයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම විශේෂත්වයක්.

“අවුරුදු එක හමාරකින් බංකොලොත් රාජ්‍යයක් එළියට ආපු ලෝක ඉතිහාසයේ පළවෙනි රට තමයි ශ්‍රී ලංකාව. අන්න එතන තමයි රනිල් වික්‍රමසිංහට තියන ලොකුම මෙඩ්ල් එක. ඒක තමයි ජයග්‍රහණය.

ගිය සැරේ දුන්නා එක්කෙනෙකුට ජාතික ආරක්ෂව ගැන කියලා. මොනවා නැති වුනත් රටක් තියෙන්න ඕන කියලා දීලා රටම ඉවර කර ගත්තා. නැතිම කරගත්තා රට.

දැන් ඡන්දේ කිට්ටු වෙනකොට පිටරට ඉඳන් එන්න පුලුවන් අපේ කට්ටියට. අපේ ඉම්පෝටඩ් ශ්‍රි ලංකන් මහත්තුරු එන්න පුලුවන්. ඇවිල්ලා අපට තීන්දු තීරණ දීලා අපට ඇඩ්වයිස් දීලා යනවා. ගියාම අපේ උන් කෙළව ගත්තම අපේ උන් මහ පාරවල්වල ගෑස් ටැංකියටයි භූමිතෙල් ටිකටයි කෑම පැකට් එකටයි… උන් ගිහිල්ලා ගෙවල්වල රෑට නිවුස් බල බල හෙල් එවර් තින් හැපන් නෝ කියාගෙන විස්කි එකක් ගහලා රෑට බයිට් එකක් ගහලා උන් කාලා බීලා ආපහු බුදිය ගන්නවා. ඇඟේපතේ මයිල් ගහකටවත් ඒක මේව වෙන්නේ නෑ.

ඒ අයියලට මම කියන්නේ ගිය සැරේ වගේ පෝලිමේ එන්න එපා කටුනායකට. ගිය සැරේ ආවා. ඇවිත් කිව්වා අපි අතින් ටිකට් අරන් ආවේ… අපි ගෝඨාභය මහත්තයට ඡන්දය දෙන්න ආවේ… අපේ අතින් ටිකට් අරන් ආවෙ. මොකක්වත් නෙමෙයි… මොනව නැති උනත් රට තියෙන්න ඕන.

මේ සැරෙත් එයි රෑට. මොනව නැති උනත් මේ රටේ දූෂණය නැති වෙන්න ඕන කියලා ඈ…. අපි මේ ටිකට් අරන් ආවේ අනුර සහෝදරයට ඡන්දේ දීලා යන්න… මේ සැරෙත් ඇවිත් තමුන්නාසේලා අර ගිය සැරේ වගේම අපිට වැඩේ තියලා අපට ඇරලා යන්න. එතකොට අපට පුලුවන් විඳින්න. තමුසෙලට පුලුවන් කකා බිබී ඉන්න.

ඒක හින්දා කරුණාකරලා මම කියන්නම්. එන මහත්තුරු මෙහෙ පදිංචි වෙන්න. මෙහෙ පදිංචි වෙලා ඒ ඛේදවාචකයට මුහුණ දෙන්න. දිනවලා. එච්චරයි. අපිත් එක්කම එකට පෝලිමේ හිටගන්නවා තමුසෙලා. ආපහු මෙතන ඉඳලා එහෙ යන්න එපා. හොඳේ…”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *