Loading...

පළමු ටෙස්ට් තරඟයේ ජය එංගලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩයම ඊයේ (24) සමත් වුණා.

මේ අනුව තරඟ 3කින් සමන්විත එම තරඟාවලියේ 1 – 0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේ එංගලන්ත කණ්ඩායමයි.

මැන්ච්ස්ටර් හිදී පැවැති තරඟයේ ඊයේ (25) දින ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා සිටියා.

ඒ අනුව එංගලන්ත පන්දු යවන්නන්ට මැනවින් පහරදුන් දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා දෙවන ඉනිමට ශක්තියක් ශක්තියක් ගෙන ඒමට සමත් වුණා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) දිනයේ පළමු භාගයේදි කිසිදු කඩුල්ලක් ලබා නොදීමට වග බලා ගනු ලැබුවා.

ඔවුන් 8 වැනි කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවා.

එහිදී කමිඳු මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 3 වන ශතකය ලබාගත් අතර එය ඉතිහාසයට එක් වුණේ රසල් ආර්නල්ඩ්ගෙන් පසු ඕල්ඩ් ට්‍රැෆඩ් පිටියේ දී ටෙස්ට් ශතකයක් ලබාගත් දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසයි.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 27 වන අර්ධ ශතකය ද වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 11ක් රැස්කළ අතර චන්දිමාල් ලකුණු 79ක් රැස්කළා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 236ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබාගත්තා.

ලකුණු 122ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ලකුණු 326ක් රැස් කළේ එංගලන්ත කණ්ඩායමට ලකුණු 205ක ඉලක්කයක් ලබාදෙමිනි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *