Loading...

අතේ තවත් වැඩ බලන ලේකම්වරයෙක් සහ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ජනපතිට සහාය දක්වයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් කටයුතු කළ සාරතී දුෂ්මන්ත සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක්ව තිබෙනවා.

ෆලවර් රෝඩ් හි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී අද (23) ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම් දී ඇති බව සඳහන්.

අංගජන් රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරමින් 2023 වසරේ දී උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් වූ අතර 2015 වසරේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

තවද සාරතී දුෂ්මන්ත මිත්‍රපාල 2015 වසරේ දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්ව වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *