Loading...

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

බංග්ලාදේශය තුළ පැවැත්වීමට සැලසුම් කර තිබූ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය එළැඹෙන ඔක්තෝම්බර් මස 03 වනදා සිට පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශය තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් එය සැලසුම් කළ පරිදි බංග්ලාදේශයේම පවත්වනවා ද නැතිනම් වෙනත් රටකට රැගෙන යන්නේ දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගියදා සලකා බලමින් සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *