වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට ජනාධිපතිවරයාට මේ මොහොතේ දී නීතිමය ප්‍රතිපාදන නොමැති බව අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
අද (26) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දැනට පවතින පොලිස්පති ධුරය හිස් නොවන බවයි.
“පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බලරහිත කළයුතු යැයි කථානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා. කථානායකවරයා මේ සම්බන්ධව හැකි ඉක්මණින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා.”







Leave a Reply