මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබාදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අගෝස්තු මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
තම නඩුවක් කල් දමා ගැනීමේ අරමුණින් පසුගිය 2 වනදා සැකකරු මිතුරෙකුගේ ජංගම දුරකථන අංකයක් උපයෝගී කර ගනිමින් මෙම ව්‍යාජ තොරතුරු පොලීසියට ලබාදී තිබුණා.
පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි සැකකරු මිතුරෙකුගේ සිම්කාඩ් පත සොරාගෙන තම ජංගම දුරකතනයට එය දමා මෙම ඇමතුම ලබාගෙන ඇති බවයි.
දුරකථන අංකයේ ලියාපදිංචි හිමිකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ ප්‍රශ්ණ කිරීමේදී ඔහු ඊට සෘජු සම්බන්ධයක් නොමැති බව හෙළිව තිබුණා.
මේ අනුව ඇමතුම ලබා ගැනීමට උපයෝගී කරගත් දුරකථන එමි අංකය ඔස්සේ එහි හිමිකරුව තහවුරු කර ගැනීමට පොලීසිය සමත් වුණා.
සිද්ධිය පිළිබඳව ඇමතුම ලබාදුන් පුද්ගලයා සහ දුරකථන සිම්පතේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.







Leave a Reply