Loading...

විශ්‍රාමිකයන් 419කට වැඩිපුර විශ්‍රාම වැටුප් ගෙවලා

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා වන විට විශ්‍රාම වැටුප් ලබමින් සිටි විශ්‍රාමිකයින් 419 දෙනෙක් සඳහා රුපියල් කෝටි 4කට අධික මුදලක් වැඩිපුර ගෙවා ඇති බව හෙළිව තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදීයි.

මියගිය බව දැනුම් දීම ප්‍රමාද වීම, ජීවිත සහතික ලබා නොදෙන විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර කිරීමට කටයුතු නොකිරීම, විශ්‍රාම වැටුප් චක්‍රලේඛවලට අනුගත නොවීම සහ වෙනත් හේතුන් මත අදාළ මුදල් ගෙවීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගෙවුණු වසරවල විගණකාධිපති වාර්තා සහ වර්ථමාන කාර්ය සාධනය පරික්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වුණා.

මේ අනුව විශ්‍රාම වැටුප් ගෙවීමේ දී සිදුවන අක්‍රමිකතා සහ ගැටළු හඳුනාගෙන ඒවා කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් එම නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *