Loading...

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම පිළිබඳව දැනුම් දීමක්

උප්පැන්න සහතිකයක් නොමැති වීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා කියා සිටියේ මේ මස 30 වනදා දක්වා ඒ අවස්ථාව පවතින බවයි.

මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා මීට පෙර කාලය ලබාදී තිබුණා.

කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම්වරුන් සිදු කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබාදීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *