පස් කඳු කඩා වැටීමේ සහ ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් වසා දැමුණු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගනේතැන්න අතර මාර්ග කොටස යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඊයේ (10) පස්වරුවේ සිට අද (11) පෙරවරු 6.00 දක්වා අදාළ මාර්ග කොටස ආරක්ෂිත පියවරක් ලෙස වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් කළේ, කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් කඳු සහ ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් ඊයේ දිනයේ එහි රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබූ බවයි.
කෙසේ වෙතත්, පවතින අවදානම් තත්ත්වය පිළිබඳව ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිලධාරීන් පිරිසක් අද දිනයේ අදාළ ප්‍රදේශයට පැමිණීමට නියමිතව ඇත.
මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව යන පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
එමෙන්ම උතුරු පළාතට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
අධික වර්ෂාපතනයත් සමඟ නොරිස් ඇළ පිටාර ගැලීමෙන් සිදු වන හානි වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා.
එහි නාගරික කොමසාරිස් ඒ.ඩී.එස්. රෝහණ මහතා සඳහන් කළේ, නොරිස් ඇළ පිළිසකර කිරීමට පියවර ගනිමින් සිටින බවත්, අවහිර වී ඇති කණු පද්ධති පුළුල් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත්ය.







Leave a Reply