පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්යාන පරිශ්රයේ සිදුකළ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.
සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමඟ අද (25) පස්වරුවේ මාධ්ය වෙත විශේෂ ප්රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
“ත්රෛනිකායික මහනාහිමිපාණන් වහන්සේලා මේ කරුණු දෙස උපේක්ෂාවෙන් බලලා අපට නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. උන්වහන්සේලා ඥානසාර හාමුදුරුවෝ නිදහස් කර ගැනීමේ කටයුත්තට ආණ්ඩුවත් එක්ක මැදිහත්වන බවත් එතෙක් මේ විරෝධතා තාවකාලිකව අපිට ඉවත්කරගන්නා හැටියට දැනුම්දුන්නා. ශාසන භාරධාරීන් හැටියටත්, අපේ භාරධාරීන් හැටියටත් මේ සම්බුද්ධ ශාසනයේ භාරධූර කාර්යයන්ගේ භාරධාරීන් හැටියටත් කටයුතු කරන්නේ ත්රෛනිකායික මහානායක මහනාහිමිපාණන් වහන්සේලා. උන්වහන්සේලා ලිඛිතව අපට මේ දැනුවත්කිරීම සිදු කරලා තියෙනවා. අපි මහානායක හාමුදුරුවන්ට අවනත වෙනවා. අපි අද මෙතතිනින් තාවකාලිකව නිමා කරනවා”







Leave a Reply