සියඹලන්ගමුව ප්රදේශයේදී වෙඩි වැදීමකින් පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ ‘කාවන්තිස්ස’ හස්තිරාජයාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකිරීම සහ අනාගතය වෙනුවෙන් ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව අද (21) පෙරවරුවේ පළමු වරට රැස්වීමට නියමිතව තිබෙනවා.
පරිසර සහ වනජීවි අමාත්යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සහ සභාපතිත්වයෙන් යුක්තව ක්රියාත්මක වන මෙම විශේෂඥ කමිටුවේ සෙසු ගෞරවනීය සාමාජිකයන් ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරුන් කටයුතු කරනු ලබනවා.
කාවන්තිස්ස ඇතාට වෙඩි වැදීම සහ ඉන් පසු සිදුවූ මරණයට බලපෑ සෘජු හා වක්ර හේතු මෙන්ම, ප්රතිකාර ක්රියාවලියේදී යම් අතපසුවීමක් හෝ ප්රමාදයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව මෙම කමිටුව විසින් මූලිකවම අවධානය යොමු කරනු ඇති.
ඒ අනුව, අදාළ විමර්ශන කටයුතු ඉක්මනින් අවසන් කර කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳ අවසන් වාර්තාව, වනඅලි සුබසාධනය සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනට අදාළ නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.







Leave a Reply