Loading...

අදත් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ හදිසි අක්‍රීය වීමක් හේතුවෙන් අද (20) දිනයේත් දිවයින පුරා පැයක කාලයක් සඳහා විදුලි කප්පාදුවක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය සෙනසුරාදා දිනයේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති අතර, ජාතික විදුලි පද්ධතියේ සැපයුම කළමනාකරණය කරගැනීමේ අරමුණින් ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කළ ඉල්ලීමකට අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පූර්ණ අනුමැතිය යටතේ මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, අද දිනයේත් පස්වරු 4.30 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ දිවයිනේ සියලුම ප්‍රදේශ කලාප 04කට බෙදා පැයක කාලයක් සඳහා විදුලි කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත.

කෙසේ වෙතත්, රෝහල් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා ස්ථාන ආශ්‍රිතව කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බව බලධාරීන් අවධාරණය කර සිටිනවා.

පසුගිය දිනවල මෙන්ම ඊයේ (19) දිනයේත් දිවයින පුරා විදුලි කප්පාදුව ක්‍රියාත්මක වූ අතර, බලාගාරයේ අලුත්වැඩියා කටයුතු අවසන් වන තෙක් අද සහ හෙට (21) යන දින දෙක තුළ ද මෙම විදුලි කප්පාදුව අඛණ්ඩව සිදුකිරීමට සිදුවන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *