විදෙස් රටවල නිෂ්පාදිත ගිනිඅවි තොගයක්, ජීව පතොරොම් දහස් ගණනක් සහ අත්බෝම්බ සමඟ ප්රධාන පෙළේ සැකකරුවෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ඊයේ (17) සවස ලැබුණු රහසිගත තොරතුරක් මත කිරිඳිවැල පොලිස් වසමේ, හංවැල්ල පාර ප්රදේශයේ පිහිටි සිනමා ශාලාවක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම නීතිවිරෝධී අවි තොගය සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මිල්ලතේ ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිස් භාරයට ගත් ආයුධ සහ උණ්ඩ තොගය:
විදෙස් රටක නිෂ්පාදිත පිස්තොල: 02ක්
රිවෝල්වර් අවියක්: 01ක්
විදෙස් රටක නිෂ්පාදිත රීපිටර් අවියක්: 01ක්
විදෙස් රටක නිෂ්පාදිත බොර 12 අවියක්: 01ක්
බෝර 12 ජීව පතොරොම්: 398ක්
බෝර 16 ජීව පතොරොම්: 278ක්
පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම්: 49ක් සහ 3,083ක්
ජීව අත්බෝම්බ: 02ක්
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදු කරමින් පවතිනවා.






Leave a Reply