Loading...

හෙරොයින් කිලෝ 100කට අධික තොගයක් අල්ලයි

වැලිගම, කප්පරතොට ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික දැවැන්ත තොගයක් සිය භාරයට ගැනීමට සමත්ව තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී, අදාළ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සූක්ෂම ලෙස පැකට් 120ක අසුරා තිබියදී මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ආ ජාලය අනාවරණය කරගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුර විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *