Loading...

ආර්ථික වර්ධනය වෙනුවෙන් IMF සමඟ නව එකඟතාවකට යෑමට රජය සූදානම්

රටේ අඛණ්ඩ ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ නව එකඟතාවකට හෝ වැඩසටහනකට එළඹීමට වත්මන් රජය සම්පූර්ණයෙන්ම සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

කොළඹදී ඊයේ (12) පැවති ‘ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026’ (Sri Lanka Economic and Investment Summit 2026) අමතමින් ජනාධිපතිවරයා මෙම වැදගත් ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, කොළඹ වරායේ අතිශය උපායමාර්ගික නැගෙනහිර ජැටියේ (East Container Terminal) නීතිමය අයිතිය සම්පූර්ණයෙන්ම රජය යටතේ තබාගනිමින්, එහි මෙහෙයුම් සහ කළමනාකරණ කටයුතු සඳහා විශේෂ සමාගමක් පත් කර එහි කොටස් (Shares) පිළිගත් විදේශීය හෝ දේශීය පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට රජය දැඩි සැලසුමකින් යුතුව කටයුතු කරමින් සිටින බවයි.

“අපි දැනට රේටින්ස්වලින් උඩට ඇවිල්ලා තියෙනවා. නමුත් තවත් පියවරක් අපි ඉදිරියට යන්න ඕනි. අපේ විදෙස් සංචිත ප්‍රමාණය අපි අපේක්ෂා කරන මට්ටමට තව ළඟාවිය යුතුව තිබෙනවා.

මේ සාධක පරිපූර්ණ කරගන්න පුළුවන්නම් අපිට යා හැකියි ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක පළවෙනි විස්තීර්ණ ණය වැඩසටහන ඒ අවුරුදු 4 ඉලක්කය වුණේ අපේ ස්ථාවරභාවය ළගාකර ගන්න එක.

මම හිතන්නේ අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ස්ථාවරභාවය ළගා කරගෙන තියෙනවා සෑම අතින්ම. දැන් අපි ඊළඟ සැලසුම වෙන්නේ මේ ස්ථාවරභාවය ආරක්ෂා කරමින් කොහොමද අපි වර්ධනය අත්පත් කර ගන්නේ.ඉතින් මම හිතන්නේ අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවයකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්තියි”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *