කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් කෙටුම්පත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.
කථානායකවරයාට එරෙහිව චෝදනා 50ක් පදනම් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව සකස් කර ඇති අතර, විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 දෙනෙකු ඊට අත්සන් තබා තිබීම විශේෂත්වයක්.
සභා ගර්භයේ කටයුතු සහ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය හැසිරවීමේදී කථානායකවරයා අනුගමනය කළ අතිශය පක්ෂපාතී, එකඟ විය නොහැකි සහ ප්රජාතන්ත්රවාදී නොවන ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු අදාළ ධුරය දැරීමට නුසුදුසු බවටයි විපක්ෂය මගින් චෝදනා නැගෙන්නේ.
අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමේ අවස්ථාව සඳහා විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක අජිත් පී. පෙරේරා, දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ රවී කරුණානායක මෙන්ම දිලිප් වෙදආරච්චි, චමින්ද විජේසිරි සහ වරුණ ලියනගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.







Leave a Reply