මොරටුව හිටපු ප්රධාන මහේස්ත්රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතාව එම තනතුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) තීරණය කර තිබෙනවා.
ඒ, ඔහුට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලට විමර්ශනවලදී වරදකරු වීම හේතුවෙනි.
නීති විරෝධී ලෙස අලි පැටවෙකු භාරයේ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශන ක්රියාත්මක වූ අතර, මීට පෙර අදාළ සිදුවීම් මුල් කරගනිමින් අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබුණා.
සිදුකළ පූර්ණ විමර්ශනයෙන් අනතුරුව අදාළ චෝදනාවලට ඔහු වරදකරු බවට තහවුරු වීමත් සමග අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඔහුව මෙලෙස විනිසුරු තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.







Leave a Reply