අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළඹෙන ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) පස්වරුවේ නියෝග කළා.
සිරිලිය සවිය සංවිධානය හරහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදෙන බවට පවසා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් (NSB) ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සහ පොදු දේපළ පනත යටතේ වන වැරදි සිදුකිරීම යන බරපතල චෝදනා ඇයට එල්ල වී තිබෙනවා.
අද පස්වරුවේ කිරුළපන පිහිටි ඇගේ නිවසේදී පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි අල්ලස් කොමිසම විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මියව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ.
මේ අතර, අදාළ නඩුකරයට සහ විමර්ශනයට සම්බන්ධයෙන් අද දිනයේම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.








Leave a Reply