Loading...

දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකුට මාතර මහාධිකරණයේදී අධිචෝදනා භාරදෙයි

2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම, පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ සිදුවූ ආන්දෝලනාත්මක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණයේදී අද (07) දින අධිචෝදනා භාරදී තිබෙනවා.

මෙම නඩුවට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සෙසු සැකකරුවන් 08 දෙනා අද දිනයේ මාතර මහාධිකරණය හමුවේ පෙනී සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් දීර්ඝ ලෙස විමර්ශන සිදුකරන ලද මෙම නඩුව මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන මහතා හමුවේයි කැඳවනු ලැබුවේ.

එහිදී අධිචෝදනා භාරදීමෙන් අනතුරුව, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 08 දෙනාට එක් අයෙකුට රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 04ක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

එම ශරීර ඇපකරුවන් හතරදෙනාගෙන් දෙදෙනෙකුම සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවට ද මහාධිකරණය මෙහිදී දැඩි ඇප කොන්දේසියක් පනවා තිබෙනවා.

අතිශය ආන්දෝලනාත්මක මෙම නඩුව නැවතත් එළඹෙන නොවැම්බර් 27 වන දින මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *