Loading...

ඥානසාර හිමි සිරකරුවන්ගේ ජම්පරය ලබාදී සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කරයි

අභියාචනාධිකරණ නියෝග මත බන්ධනාගාර ගතකරන ලද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරකරුවන් සඳහා නියම කරන ලද සාමාන්‍ය ජම්පරය අද (05) පස්වරුවේ ලබාදුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසනවා.

ඒ අනුව උන්වහන්සේගේ චීවරය ඉවත්කර අදාළ බන්ධනාගාර ඇඳුමින් පසුවන බවයි ඒ මහතා තහවුරු කළේ.

එමෙන්ම ඥානසාර හිමියන්ව බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවකම රඳවා තැබීමට පියවර ගෙන ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) පූර්ව භාගයේදී නියෝග කරනු ලැබුවා.

අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි විනිසුරු මඩුල්ල විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත මෙම නියෝගය ලබාදුන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *