මහරගම අපේක්ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා ඖෂධ හෝ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලෙස ඉල්ලමින් කිසිදු මහජන ආයාචනයක්, දැන්වීමක් හෝ නිවේදනයක් නිකුත් කර නොමැති බව නිල නිවේදනයක් නිකුත් කරමින් එම රෝහල් පාලනාධිකාරිය සඳහන් කර සිටිනවා.
සිය නිල වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඇතුළු කිසිදු පොදු මාධ්‍යයක් හරහා රෝහල විසින් එවැනි ආකාරයේ කිසිදු ආයාචනාත්මක දැන්වීමක් පළ කර නොමැති බවයි අදාළ නිවේදනය මඟින් දැඩි ලෙස අවධාරණය කරන්නේ.
කෙසේ වෙතත්, රෝගී සත්කාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ හෝ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ස්වේච්ඡාවෙන් පරිත්‍යාග කිරීමට කැමති යම් පුද්ගලයන් හෝ සංවිධාන වෙත ඒ සඳහා අවස්ථාව තවදුරටත් විවෘතව පවතින බව ද එහි සටහන් වනවා.
එවැනි අවස්ථාවලදී පරිත්‍යාග භාරගැනීමට අදාළ නිල නියාමන සහ ක්‍රියාපටිපාටි පිළිබඳව රෝහල මඟින් අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන අතර, පරිත්‍යාගශීලීන්ගේ විමසීම්වලට ප්‍රතිචාර ලෙස රෝහල විසින් ලබාදෙන තොරතුරු කිසිසේත්ම “මහජන ඉල්ලීමක්” ලෙස නොසලකන ලෙසයි රෝහල් පාලනාධිකාරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.







Leave a Reply