Loading...

පේරාදෙණියෙන් පටන්ගත් පළමු කාර්යාල දුම්රියම ගංගොඩ සහ කඩිගමුව අතරදී පීලි පනී

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය දීර්ඝ ප්‍රතිසංස්කරණයකින් පසුව විවෘත කරමින්, පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පළමු කාර්යාල සීඝ්‍රගාමී දුම්රිය අද (05) උදෑසන අවාසනාවන්ත ලෙස පීලි පැනීමට ලක්ව තිබෙනවා.

අද උදෑසන 4.40ට පමණ ගංගොඩ සහ කඩිගමුව යන දුම්රිය ස්ථාන අතරතුරදී මෙම හදිසි අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පැවැති අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගයට විශාල ලෙස පස් සහ ගල් කඩාවැටී තිබීම හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීම සිදුව ඇති අතර, මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ සියලුම දුම්රිය ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

පීලි පැනීම හේතුවෙන් දුම්රියේ ඉදිරිපස එන්ජින් කොටසට ද බරපතල හානි සිදුව ඇති බව සඳහන්.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය රියදුරු මහතා සඳහන් කළේ, ධාවනය වෙමින් තිබූ දුම්රිය මාර්ගයට කඩාවැටී තිබූ දැවැන්ත පස් කණ්ඩියක සහ ගලක එකවර ගැටීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුවූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *