Loading...

BREAKING – ඥානසාර හිමියන් තිනියාවලදී පොලිස් අත්අඩංගුවට

අධිකරණ වරෙන්තු ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තිනියාවල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ උන්වහන්සේ අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිකුත් කර තිබූ අධිකරණ වරෙන්තුවට ප්‍රකාරවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිමිව තිබූ සිරදඬුවමට, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කරන ලද ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා සම්පූර්ණයෙන්ම බලරහිත කරනු ලැබුවා.

එලෙස ජනාධිපති පොදු සමාව අහෝසි වීමත් සමඟයි උන්වහන්සේව නැවත අත්අඩංගුවට ගැනීමට අධිකරණය මෙලෙස නියෝග කර තිබුණේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *