එළැඹෙන වසරේ සිට මෙරට සමස්ත බදු ක්‍රමය වඩාත් සරල සහ ජනතාවට පහසු වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව රේගු බද්දට අමතරව දැනට අයකරනු ලබන අනෙකුත් සංකීර්ණ බදු වර්ග අහෝසි කරමින් ක්‍රමානුකූලව බදු පද්ධතිය සරල කිරීමට අවශ්‍ය සියලු වෙනස්කම් සිදුකරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එමෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනයන්ට අදාළව ද ඉදිරියේදී මෙලෙස සරල සහ කාර්යක්ෂම බදු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන බව උත්සවයක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය නිල වශයෙන් ආරම්භ කිරීමේ විශේෂ අවස්ථාවට එක්වෙමිනුයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මෙම අදහස් පළ කළේ.
“ලබන වසරේදී අපේ බදු ක්‍රමය වඩාත් සරළ හා පහසු කිරීමට සැලසුම් කර තිබෙනවා. රේගු බද්දට අමතරව අය කරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා. අනෙකුත් ආයතනවලට ආදාළවත් එවැනි සරල ක්‍රම අනුගමනය කරනවා. තොරතුරු තාක්ෂණ පද්ධතිය ආයතනවලට බද්ධ කරගැනීම වේගවත් කරනවා. ඒ යන ගමනේ එක් සන්ධිස්ථානයක් ලෙස තමයි අද මේ ආරම්භ කරන ලද කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අපි දකින්නේ.”







Leave a Reply