මාස 10ක දීර්ඝ කාලයකට පසුව අද (02) දින සිට යළිත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, අද දින සිට කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා දුම්රිය ධාවනය නැවත සාමාන්‍ය පරිදි සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.
අතිශය බලපෑම් එල්ල කළ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදු වූ දැවැන්ත හානි සකස් කිරීමෙන් අනතුරුව, මෙලෙස මාස 10කට පමණ පසු අදාළ මාර්ග කොටසේ දුම්රිය ගමනාගමනය පුනරාරම්භ කළ බවයි අසංක සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.







Leave a Reply