Loading...

රන්මල් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් පොලිස් කොමිසමෙන් අවලංගු කරයි

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසකගේ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

අදාළ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත යෝජනාවක් යොමු කර තිබූ අතර, අද (01) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේදී මෙම යෝජනාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

එහිදී කරුණු අධ්‍යයනය කළ ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස්පතිවරයා ඉදිරිපත් කළ අදාළ ස්ථාන මාරුවීම් පිළිබඳ යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, එම කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ඇතුළු නිලධාරීන් පිරිසගේ ස්ථාන මාරුවීමේ යෝජනාව අවලංගු කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *