පානදුර, වලාන, මහනාම පාර ප්‍රදේශයේදී බිරිඳ සහ දියණියන් ඉදිරිපිටදීම අලුගෝසු ආකාරයෙන් පැහැරගත් ප්‍රකට ව්‍යාපාරිකයා මිනුවන්පිටිය කනත්ත අසල දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (29) රාත්‍රී 10ට පමණ අදාළ ව්‍යාපාරිකයා සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟින් මෝටර් රථයෙන් නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම පැහැරගැනීමට මුහුණ දී ඇති බවයි.
ව්‍යාපාරිකයා ගමන් කළ රථය ලුහුබැඳ ආ වෙනත් මෝටර් රථයක සිටි සන්නද්ධ කල්ලියක්, අදාළ වාහනය හරස් කොට ඊට පහරදී වීදුරු කුඩුපට්ටම් කරමින් ඉතා ම්ලේච්ඡ ලෙස මෙම පැහැරගැනීම සිදුකර තිබෙනවා.
මෙම සිදුවීමේදී ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර, මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයාගේ බිරිඳ පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
එමෙන්ම පැහැරගැනීමට ලක්ව පසුව මුදාහැරුණු ව්‍යාපාරිකයා ද මේ වන විට පානදුර මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ලබමින් පසුවන බවයි පොලීසිය තහවුරු කළේ.
දීර්ඝ කාලීන මුදල් ආරවුලක් මුල් කරගනිමින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට දැනට සැකකරන අතර, ප්‍රහාරයෙන් ව්‍යාපාරිකයාගේ මෝටර් රථයට ද බරපතළ හානි සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇත.







Leave a Reply