Loading...

විජිත හේරත් එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය අද අමතයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරය අද (28) ඇමතීමට නියමිතව තිබෙනවා.

මහා මණ්ඩලයේ ඉහළ පෙළේ සතිය සඳහා සහභාගී වීමට අමාත්‍යවරයා පසුගිය 26 වනදා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

“විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම සහ සියලු දෙනා වෙනුවෙන් ප්‍රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන්න මෙවර 81 වැනි මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වී තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා මෙන්ම ගෝලීය අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තැබීමටයි අමාත්‍ය විජිත හේරත් මහතා බලාපොරොත්තු වන්නේ.

මෙම සැසිවාරයට සමගාමීව අමාත්‍යවරයා රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරීන් හමුවී විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට ද සූදානම් වනවා.

මෙවර සැසිවාරයේදී ගෝලීය විශ්වාසය යළි ගොඩනැගීම, බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම වේගවත් තාක්ෂණික, දේශගුණික හා භූදේශපාලනික පරිවර්තන හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *