Loading...

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යයි – සේවකයින් 7 දෙනෙකුට තුවාල

පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද (26) අලුයම සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් එහි සේවය කරමින් සිටි සේවකයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද අලුයම 4:00ට පමණ මෙම පිපිරීම සිදුවී ඇති අතර, අනතුරින් තුවාල ලැබූ සේවකයින් වහාම ක්‍රියාත්මක වී පොළොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් අතුරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ගෑස් සිලින්ඩර පිපිරීමත් සමඟ රෝහල් ගොඩනැගිල්ලේ මුළුතැන්ගෙයි කොටසට දැඩි අලාභහානි සිදුවී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම අනතුරෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ට හෝ එහි සේවයේ නියුතු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට කිසිදු අනතුරක් සිදුවී නැහැ.

සිද්ධියත් සමඟ වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය කාර්යමණ්ඩලය, නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් අලුයම කාලයේදීම ආරක්ෂිතව රෝහලෙන් පිටතට ගෙන අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම එම රෝගීන් වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගත් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *