අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ජූලි 3 වැනිදා සිට 23 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සියලු පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන්ද, පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් අනුව මාර්ගගතවද අයදුම්පත් යොමු කළ යුතු බවයි.
පෞද්ගලික අයදුම්කරුවන් ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළ යුතු අතර, හැඳුනුම්පත නොමැති අය තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වීම සිදු කළ යුතු බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
අයදුම්පත් www.doenets.lk හෝ www.onlineexams.lk/eic යන වෙබ් අඩවි ඔස්සේ යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ජූලි 23 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව අයදුම්පත් භාර නොගන්නා අතර, කිසිදු හේතුවක් මත අයදුම් කිරීමේ කාලය දීර්ඝ නොකරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.







Leave a Reply