දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ විලී ගමගේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා භාරදී ඇති බවයි සඳහන් වන්නේ.
මේ අනුව ලබන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතයි.
කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මින් පුරප්පාඩු වන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට මේ වන විට වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කිරීමේ සුදානමක් ඇති බවයි.








Leave a Reply