Loading...

ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් ශූරතාව පාකිස්ථාන යොවුන් කණ්ඩායමට

අපරාජිත ඉන්දීය කණ්ඩායම ලකුණු 191ක දැවැන්ත පරාජයකට ලක් කරමින් වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට පාකිස්ථාන යොවුන් කණ්ඩායම් අද (21) සමත් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වුණා.

අපරාජිත කණ්ඩායමක් ලෙස පැමිණි පාකිස්ථානයද මෙලෙස ආසියානු යොවුන් ක්‍රිකට් තරඟාවලි ඉතිහාසයේ ශූරයන් ලෙස කිරුළු පැලඳු දෙවන අවස්ථාව මෙය වනවා.

අවසන් වතාවට ඔවුන් 2012 වසරේ සමශූරයන් වුණා.

එම තරඟය ඉන්දියාව සමඟින් අවසන් මහා තරඟය ක්‍රීඩා කර තිබූ අතර එහිදී ලකුණු සමවීම හේතුවෙන් ශූ රතාව කණ්ඩායම් දෙක අතර බෙදී ගොස් තිබුණා.

කෙසේ නමුත් පසුගිය තරඟ ඉතිහාසයේ වැඩි වාර ගණනක් ශූරයන් වී ඇති ඉන්දියාව අඛණ්ඩව දෙවන වරට අනුශූරතාවයෙන් සෑහීමට සිදුවුණා.

මෙහිදී පාකිස්ථාන කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 348ක දැවැන්ත ලකුණු පුවරුවට පිළිතුරු ලෙස ඉන්දියාවට පන්දුවාර 26.2කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණි.

අවසන් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 තුළදී ලකුණු 347/8ක් රැස් කිරීමට සමත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *