Loading...

ආපදා තත්ත්වය ඉදිරි දින කිහිපයේත් – කාලගුණයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති හෙයින් ඉදිරි දින කිහිපයේ දීත් පවතින තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (27) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

උතුර, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි. මී. 200ට වැඩි ඉතා තද වැසි සහ සබරගමුව, බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි.

දිවයිනෙන් සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි. මී. 100ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් ඇති බව සඳහන්.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැයට කිලෝ මීටර් 60 – 70 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට පැයට කිලෝ මීටර් 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.

තද වැසි සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *