Loading...

SVAT වෙනුවට VAT එයි

සරල කරන ලද එකතු කළ අගය මත අය කරන බදු ක්‍රමය (SVAT) වෙනුවට මේ දක්වා පැවැති එකතු කළ අගය මත අය කරන බදු ක්‍රමය (VAT) ලබන ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවදානම් කළමනාකරණ අංශයේ කොමසාරිස් ප්‍රියංකා දිසා බණ්ඩාර මහතා පැවසුවේ අන්තර්ජාතික අපනයනකරුවන් ඇතුළු ව්‍යාපාරිකයන් රැසක් රජයෙන් කරන ලද ඉල්ලීම මත මෙම නව තීරණය ක්‍රියාත්මක කරන බවයි.

බදු වෙනස සම්බන්ධව මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

ඇය පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමය මඟින් අන්තර්ජාතික වෙළෙඳාමේ නිරත අපනයනකරුවන්ට හිමි සහන කප්පාදු නොවන බවත් මෙතෙක් වවුචරයක් මඟින් බදු ගෙවන ලද ක්‍රමය වෙනුවට මුදලින් බදු ගෙවීම සිදුවන බවත්ය.

තවද කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉහළ අවදානම්, පහළ අවදානම් සහ මාධ්‍ය අවදානම් වශයෙන් බදු ගෙවන ව්‍යාපාරික ආයතන කාණ්ඩ කිරීමද මෙම නව ක්‍රමවේදය යටතේ සිදු කිරීමට නියමිතයි.

වැට් බදු ගොනු පවත්වාගෙන යන සෑම ව්‍යාපාරිකයකුම බදු වාර්තා නියමිත දිනට ලබාදීම, බදු මුදල් නියමිත වාරික ප්‍රමාණයෙන් ගෙවීම ඇතුළු අදාළ නිර්ණායක සපුරාලිය යුතු බවද ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *