අභිනව පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසුරිය මහතා අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණා.
මෙහිදී ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූවා.
පොලිස්පතිවරයා ජනපතිවරයා වෙත සමරු තිළිණයක් ද මෙම අවස්ථාවේ පිළිගන්වා ගන්වා ඇති බව වාර්තා වනවා.
නීතීඥ ප්රියන්ත වීරසූරිය මහතා ශ්රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා වන අතර, මේ දක්වා ශ්රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා ද වනවා.








Leave a Reply