පාකිස්ථානයේ බලෝකිස්ථානයේ ක්‍රියාත්මක බලූච් නැමැති ව්‍යාපාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බලූච් නායක මීර් යාර් බලෝච් විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත විවෘත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇති බවයි.
පාකිස්තනයේ හමුදා නායක ජෙනරාල් අසීම් මුනීර් සහ ඉස්ලාමාබාද් රාජ්‍ය තාන්ත්‍රික මුලාශ්‍ර විසින් පාකිස්ථානයේ පවතින බව කියන දැවැන්ත තෙල් සංචිත පිළිබඳව අමෙරිකාව දැඩි ලෙස නොමඟ යවා ඇති බවද බලූච් නායකයා එම ලිපියෙන් එක්සත් ජනපදයේ නායකයාට පෙන්වා දී තිබෙනවා.
තෙල්, ස්වාභාවික වායු, තඹ, ලිතියම්, යුරේනියම් සහ දුර්ලභ පෘථිවි ඛනිජ සංචිත පාකිස්ථානයේ පිහිටා නොමැති අතර ඒවා බලොකිස්ථන ජනරජයට අයත් බව බලූච් නායකයා සිය ලිපිය මඟින් අමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්.
තවද ඔහු පවසා ඇත්තේ කලාපයේ ඇති විශාල තෙල් හා ඛනිජ සංචිත සම්බන්ධ ට්‍රම්ප්ගේ පිළිගැනීම ඇත්තෙන්ම නිවැරදි බවයි.
කෙසේ වෙතත් පාකිස්ථාන හමුදා නායකත්වය ජෙනරාල් අසීම් මුනීර් සහ ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික මුලාශ්‍ර විසින් මෙම තීරණාත්මක සම්පත්වල සැබෑ භූගෝලීය පිහිටීම සහ හිමිකාරීත්වය පිළිබඳව ට්‍රම්ප් දැඩි ලෙස නොමඟ යවා ඇති බවත් නිසි ගෞරවරයෙන් යුතුව ඔබේ පරිපාලනයට දැනුම් දීම අත්‍යවශ්‍ය බව බලූච් නායකයා ට්‍රම්ප් වෙත යොමු කළ ලිපියේ දක්වා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙම තෙල් ස්වභාවික වායු, තඹ, ලිතියම්, යුරේනියම් සහ දුර්ලභ පෘථිවි ඛණිජ ලවණවල ප්‍රයෝජනයට නොගත් සංචිත ඇත්ත පාකිස්ථාන වන පන්ජාබ් ප්‍රදේශය තුළ පිහිටා නොමැති බවයි.







Leave a Reply